Pages

Thursday, September 13, 2012

අහස් ගව්ව සිඹින තරම් 3 වෙනි දිගහැරුම..


අහස් ගව්ව සිඹින තරම්.. 1 වෙනි දිගහැරුම මෙතනින්
අහස් ගව්ව සිඹින තරම්... 2 වෙනි දිගහැරුම මෙතනින්..

                       සතියක්ම ගේ ඇතුලට වෙලා ඔහේ ගෙවිලා ගියා. පුස්තකාලයට හරි නිමා..ලගෙ ගෙදරට හරි යන්න පුළුවන් කම තිබ්බත් එහෙමවත් යන්න හිතුනෙ නෑ.විශේෂයෙන්  කරන්ඩ කියලා  දෙයක් තිබ්බෙත් නැති හින්දා වත්ත පහල අඹ ගහෙ  පැහිච්ච අඹ කඩන් ඇවිත් අච්චාරු දැම්මා.
ගෙදර වත්තෙ පැත්තකට වෙන්ඩ ග්‍රීල් වලින් හදලා තිබ්බ ඔන්චිල්ලාවෙ ඉදගෙන පැද්දෙන ගමන් කටදන්ඩම හදා ගත්තු අඹ අච්චාරු හාස් හූස් ගගා කමින් මම පොතක් කියෙව්වා..
"i am lonley broken angel...." මේ දවස් වල මං අහන්නම  ආස කරන ගීතයෙන් ගෙ ජංදුරකතනය නාද වුණා.
හෙලෝ..
පංතිත් ආපු නැති නිසා උත්පල වෙන්න පුළුවන් කියලා නිකමට වගේ හිතුන නිසාදො මන්දා මගෙ හඩ බාල වුණා.
දිලා .. මං උත්පල..
හිතපු විදියටම මගෙ හිත නොසංසුන් කරපු පිරිමි හඩ එහා පැත්තෙන් මතු වුණා,
උත්පල ඔයා..
මං ඔයාලගෙ පුස්කාලය ගාව,දිලාට  ඉන්නෙ එන්ඩ පුළුවන්ද
ගහෙන් ගෙඩි එන්නා වගෙ උත්පල අහද්දි මොනා කියන්නද කියලා හිතාගන්ඩ බැරුව මං මොහොතක් නිරුත්තර වුණා.
ම.....ම.. මම ද
ඔව් ඔව් ඔයා තමා දිලා.
නිමා..ටත් කිව්වද.
නිමා.. මොකටද ඔයාටනෙ මං කිව්වෙ, එනවා නේද?
හා ..
කිව්ව නෙමෙයි මට කියවුණා.
පැය බාගයක් දෙන්න..
ඕකෙ ..එහෙනම් තියන්නම් දිලා බායි.
බායි..
දෙයියනෙ මේ වුනේ මොකද්ද ? උත්පල හදිස්සියෙම එන්න කියන්නෙ මොකටද? දහසක් ප්‍රශ්න හිතේ තියෙද්දිම මං කකා උන් අච්චාරුවෙ ඉතිරිය වීසි කර දමා ඉක්මනට ගෙට ගියෙ අම්මගෙන් පුස්ථකාලෙට ගිහින් එන්න අවසර අරගෙනමයි.
වෙනදට පුස්ථකාලෙට යද්දි අතට අහුවෙන ඇදුමක් දා ගෙන ගියත් අද මං ආසම කරපු අහස් නිල් පාට ඩෙනිම් ත්‍රී ක්වාට එකයි ලා කහපාට  සැහැල්ලු ටී ශර්ට් එකයි ඇද ගෙන.ඉක්මනටම අතට අහුවුන පොතකුත් අරගෙන බයිසිකලෙන්  පාරට පැනගත්තෙ අද කරන්ඩ යන හොර වැඩේ අම්මට අහු වෙයි කියලා බයයෙන්.
පුස්ථකාලය පේන මානෙ දි මුළු ඇගම වගේ  ගැහෙද්දි හිත දැඩි කරගෙනම පුස්ථකාලෙ වත්තට මං බයිසිකලය දැම්මෙ  ඇස් දෙකෙන්ම ඒ රුව හොය හොය.
පුස්ථකාල බිමේ බයිසිකල් නැවතීමට වෙන්කරලා තිබ්බ කොටසෙ තාප්පෙ ගාව අත්දෙක පපුවට බැදගෙන උත්පල හිටියා.
පපුවෙ ගැස්ම තවත් වැඩි වෙද්දි මං උත්පල ඉන්න දිහාවට බයිසිකලෙත් තල්ලු කරගෙනම ලං උනා.
දිලා මොකද බයෙන් වගේ.මං ඔයාව ගිලින්නෙ නෑ..
යාන්තමින් හිනාවක් දෙතොලින් පනිද්දි ම මං බය නැහැයි කියන්නට මෙන් ඔළුව වැනුවා.
තත්පර කීපයක් ගෙවෙන්න ඇති උත්පලයි මායි නිහඩවම හිටියා.
ඔයාට දෙයක් කියන්න ඕනෙ
නිහඩතාවය බින්දෙ උත්පලයි.
කියන්න..
ඕනවටත් වඩා මගෙ හඩ බාල උනා.
මං ඔයාට ආදරෙයි දිලා.. මං දන්නවා ඔයත් එහෙමයි
මට කතා කරන්න ඉඩක් නොතියම උත්පල කතා කරා.මං  මොනා කියන්නද කවදා හෝ වෙයි කියලා හිතුව සියල්ලම හිතුවටත් වඩා ඉක්මනට සිදුවෙද්දි  මං නිහඩම උන්නා.

  ඕනවටත් වඩා වෙලා බිම බලාගෙම උන්නා.
උඹ දවසක් කිව්වා හරි නිමා.. ඇත්ත දැන් දිලාට ආදරේ නොකර ඉන්න බෑ.
බලන්න  දිලා.. මට ඒක ඔයාගෙ කටින්ම අහන්න ඕනෙ.
ඉතින් මං හිස ඔසවා උත්පල දෙස බැලුවා.මටවත් පාලනය වෙන්නෙ නැති මගෙ හිතටම  අවනත නා.
හ්ම්ම්.. ඔව්
බයිසිකල් හැඩලය මත තිබ්බ මගෙ අත උඩ උත්පලගෙ අත තියද්දි මං හිනැහුනා විශ්වාස කලා .

 දැන් ඉතින්  මේ මුළු ජීවිතයම උත්පල රැක ගනු ඇත .
෴෴෴෴෴෴෴෴෴෴෴
උත්පලයි මායි පෙම්වතුන් උනාට පස්සෙ ඉස්සෙල්ලාම පංති යන දවස අද .. ඇත්තටම මං ඉන්නෙ කොච්චර සතුටින්ද. අද අපේ යාලුවො මොනා කියයිද.. අදින් පස්සෙ උත්පලයි මායි කොහොම ඉදියිද ඔය වගේ දහසක් දේවල් හිත හිත මං නිමාත් එක්කම පාරට බැස්සා..
යකෝ.. යාලුවෙලා මුල් දවස් වෙලම මෙහෙම නම් කල් යද්දි තව මොනා වෙයිද..
නිමා .. ඉන්නවා කියලත් මට අමතක වෙන තරමටම මං හිටියෙ වෙනම ලෝකෙක.
ඇයි බං එහෙම කියන්නෙ
ඔහොම තනියම හිනාවෙන්න ගත්තම මිනිස්සු හිතයි උඹට පිස්සු කියලා
නිමා .. ගොඩක් වෙලා මං දිහා බලන් ඉන්න ඇති..
අනෙ මන්දා සමහරවිට මට  පිස්සු ඇති නිමා..
මටත් හිතෙනවා දැන්නම් උඹට පිස්සු කියලා . අම්මේ.. කොහොමද කිය කිය හිටියෙ ආදරේ කරන්න බෑ නිමා..
අත එහෙට මෙහෙට කර කට ඇද කර කර නිමා විහිලු කර හිනාවෙද්දි මමද නිමා..ගේ හිනාවට එකතු වුණා.


උදේ 7.30 වෙද්දි නිමයි මායි බසයෙන් බැස පංතියට යන පුංචි අතුරුපාරෙ  ඇවිදන් ගියා .අපිට කලින් ඇවිල්ලා අපි එනකන් මග බලන් හිටිය තරූ මගදි අපිත් එක්ක එකතු උනා.
උඹත් එහෙනම් ලව් කරන්න ගත්තා දිලා..
තරුව බ්‍රේක් නැති වචන මාලාව දිග අරින්න ගත්තා.
ඔව් ඔව් උඹට වඩා පොඩ්ඩයි පරක්කු වුනේ  බං..
දැනට අවුරුදු දෙකකට කලින් ඉදන්ම පෙම්වතියක් වුන තරුවට හින්ට් එකක් පාස් කරන ගමන් මං කිව්වා.
හරි කොහොම හරි දැන් ඉතින් උඹත් මගෙ බෝට්ටුවෙනෙ බං ,ඔන්න මගෙන් උණූසුම් සුබ පැතුම්..
හරි හරි එතකොට මං දැන් වෙන බෝට්ටුවක්ද ආ..
ඉනට අතකුත් තියාගෙන් නිමා ඇහැව්වෙ නොක්කාඩුවෙන් ..
ඉතිං උඹත් ඔය පාරෙ යන එකෙක් හරි ඇදගෙන නැගපන්කො අපේ බෝට්ටුවට.
තරුවගෙ කතාවට අපි තුන් දෙනා හිනා වෙවීම පංතිය ලගටම ආවා..
ආ.. නංගිලා මොකද කැකිරි පලන්නෙ ආ
තරංගත් ,ප්‍රසාද්, වරුණ ත් අපිට එකතු වෙන ගමන් කිව්වා.
අද වගෙ දවසක එහෙම නොකර කොහොමද හලෝ
තරු ව පුරුදු රාජකාරිය  පටන් ගත්තා.
ඇයි ඇයි අද මොකද වෙලා තියෙන්නෙ.
ඇයි හලෝ.. දිලාගෙයි උත්පලගෙයි මංගල කාරණාව
ආ.. එහෙම දෙයකුත් වෙලාද
වරුණ අහද්දි මං ඇත්තටම පුදුම උනා.උත්පල කිසි දෙයක්  කාටවත් කියලා නෑ..
අන්න කියන කොටම මනමාලයා එනවා.
නිමා.. කිව්වෙ ඈතින් එන උත්පලව පෙන්වමින්.
මේකා අපිට නිකමටවත් කිව්වෙ නෑ නේ
ප්‍රසාද් කිව්වා.
උත්පලයො උඹට එහෙනම් අපිටත් වසන් කරා නේ..
හරි හරි බං අද කියන්ඩ තමා ආවෙ
කට්ටියම මග රැකගෙන වගේ ඉද්දි උත්පල වුන ඔක්කොම හිතා ගන්න ඇති..
දැන් උඹ එහෙම කියලා ලෙස්සලා යන්නද හදන්නෙ ආ..
හරි හරි අද කට්ටියටම ක්ලාස් ඉවර වෙලා මං ගානෙ ආප්ප ..පාටියක් දෙනවා
ඕකෙ.. අන්න එහෙම වරෙන්කො බං .
නිමා..ත් තරුත් වරුණලත් කතාවට වැටීගෙන ඉස්සර වෙද්දි උත්පලත් මාත් ඔවුන්ට පිටුපසින් අත් පටලවාගෙනම පංතියට ඇතුල් වුණා...
෴෴෴෴෴෴෴
මාස ගානක් ගෙවිලා ගියා ඉංග්‍රීසි පාඨමාලාව අවසාන වුන නිසා මෙච්චර කාලයක් හිනා වුන, සතුටු උන ආදරය කර අපූරු නවාතැනට අපි හැමෝටම සමුදෙන්න උනා..
ආයෙත් හුදකලා වෙන්න තනි වෙන්න ගිය මගේ ලෝකය උත්පල හින්දා පිරිලා ඉතිරිලා ගියා.
දවසට තුන් හතර වතාවක්වත් උත්පලට sms එකක් ගහන්න ..අම්මට හොරෙන් පොඩි කෝල් එකක් දෙන්න මං පුරුදු උනා. මේ හැම දෙයක් එක්කම මං අලුත්ම ලෝකෙක මෙතෙක් නොවින්ද නුපුරුදු සතුටක් වින්දා .
උත්පල ජොබ් එකක් හොයමු නේද
අනාගතේ ගැන කප්පරක් බලාපොරොත්තු පොදි බැදෙද්දි මං උත්පලට කිව්වා.
මෙහෙ කොහෙද දිලා ජොබ් ..රටවත් යන්න බලන්න ඕනෙ
අනේ උත්පල රට යන්න
මෙහෙ ඉදන් ඔළුව උස්සන්න බෑ දිලා..
ම්ම් හරි ඔයාට හොද දෙයක්...
වයස අවුරුදු 23 ක කොල්ලෙක් වෙලත් උත්පලගෙ එහෙ මෙහෙ රස්තියාදු වෙන ජීවිතය පිලිවෙලක් වෙන්න ඕනා නිසා උත්පලගෙන් ඈත් වෙලා ඉන්න හිත හදාගන්න අමාරු උනත් ඒ දේ කරන්න උනොත් කරන්න මං හිත හදාගත්තා...

                                                    මතු සම්බන්ධයි,,

12 comments:

  1. හුරේ මන් පළවෙනියා

    ලස්සනයි නගා, කතාව, ඉතිරි ටිකත් ඉක්මනට ලියන්න

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩොකා අයියා.. ඉක්මනටම ලියන්නා...............න්

      Delete
  2. නියමයි... කතාවනම් ලස්සනයි නිෂියෝ..
    ඉක්මනට ඉතිරි ටිකත් දෙන්න,,,,

    ReplyDelete
    Replies
    1. අලි අලි දෙන්නන් අනේ..චුට්ටක් ඉන්ඩෝ,,

      Delete
  3. මේ තරහ වෙනන් එපා නිශියෝ මටනම් මේ උත්පලව දිරවන්නේ නෑ.. ඇයිද මංදා

    ReplyDelete
    Replies
    1. මොකට තරහ වෙනවද කවියො මටත් දිරවන්නෙ නෑ

      Delete
  4. hali eka husamata kiyawan giya nishiyo harima lassanai oya lassanata liyala thiyenawa

    ReplyDelete
  5. ඉක්මනින්ම කතාව ඉදිරියට යනවා වගේ ...

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉක්මනටම යනවා තව ගොඩක් දේවල තියනවනෙ ඉතින්

      Delete
  6. ඔන්න අපිත් ආවෝ..නියමයි ඔහොම ලියන් යන්! ජය!

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..