Pages

Friday, March 22, 2013

අහස් ගව්ව සිඹින තරම්.. 8 වෙනි දිගහැරුම


කලින් කොටස් මෙතනින් බලලා එන්න


ගෑණු ලමයි ඔච්චර හිනාවෙන්න හොදද....



කලු පාට ඉරි වැටුනු ලා දුඹූරු සරමට නිල් පාට ජර්සියක් ඇදගෙන ටිකක් උස  ලස්සනයි කියලා කියන්න පුලුවන් කොල්ලෙක් අපේ පැත්තට ආවා.



ආ...නේ  සුරාජ් අයියා, ඊයෙ කොයි වෙලේද ආවෙ.



එද්දි පොඩ්ඩක් රෑ උනා නංගි මං එද්දි ඔයාලා නිදි. අසංකලනම් හිටියෙ.



අයියලනම් තාම නිදි .



 කාලෙකට පස්සෙ හම්බුන අයිය නගාලගෙ කතාවට ඉඩදීලා නිමාත් මාත් හිටියෙ  ලොකු නෙල්ලි ගහක් යටට වෙන්න ලී එකතු කරලා හදලා තිබ්බ බංකුවෙ ඉදගෙන.



 මගෙ හොදම යාලුවො දෙන්නා  තමා මේ. මේ ඉන්නෙ නිමාශා. මේ ඉන්නෙ දිලාංජලී අපි දෙන්න අතරට ඇවිත් ඉදගත්තු  තරූ. අපිව මේ නුපුරුදු අමුත්තට අදුන්නලා දුන්නා.



මේ ඉන්නෙ සුරාජ් අයියා, අපේ පුංචිගෙ පුතා.



අර කැම්පස් ඉන්නවා කිව්ව අයියා නේද? අයියා ලස්සනට ගිටාර් ප්ලේ කරනවලු නේ...



තරූ අපිට කියලා තිබ්බ විස්තරත් අල්ලගෙන නිමාත් සුරාජ් අයියත් එක්ක කතාවට වැටුනා.කොහොමත් මට වඩා කෙනෙක් එක්ක ඉක්මනින් කුලුපගු වෙන්න නිමාට හොද හැකියාවක් තිබ්බා. කතා කරන්න දෙයක් නැති නිසා ඉබේම වගෙ මම උන්නෙ පහලින් ගලාගෙන යන දොල පාර දිහා බලාගෙනමයි.



දිලාංජලී වැඩි කතා නෑ වගෙ නේද?



සුරාජ් අයියා ඇහැව්වෙ මං ගොඩක් වෙලා නිහඩව හිටපු නිසා වෙන්න ඇති.



දිලා ..වැඩි කතා නෑ සුරාජ් අයියා..හැබැයි සමහරක් වෙලාවට එහෙම්මමත් නෑ නේද බං



තරූ මං ගැන කියද්දි මං කලේ කට පුරා හිනා වෙන එක විතරයි.



දිලා ..ආඩම්බර කමටද දන්නෙ නෑ නේද?



 ඒ ටිකට මගෙ නම කෙටි කරලා තරූලා වගෙ දිලා කියන්නත් සුරාජ් අයියා පුරුදු වෙලා.



අනේ .. නෑ



යමක් කියන්ඩ ඕනා කියලා හිතෙද්දි මට කියවුනා.



අම්මෝ දැන්නෙ කට හඩ ඇහුනෙ නැද්ද නංගා.



ආහ්..එහෙම තමා අපේ යාලුවො හරිද ..



තරූ මගෙ අත අල්ලගෙන සුරාජ් අයියට එකට එක කිව්වෙ පුරුදු කටකාර කමටයි.



යාලුවා මෙතන ඉදන් පහල දොලට පනින්නද මන්දා කල්පනාව ඒ පැත්තමයි බලන්නෙ ..



සුරාජ් අයියා එහෙම කියද්දි පැත්තක් බලාගෙන උන්න එක ගැන මට ලැජ්ජත් හිතුනා



එතන ලස්සනයි ..යන්නෙ නැද්ද එහෙට 



ඇත්තටම දොලගාවටම යන්න තිබ්බ ආසාව නිසා මං ඇහැව්වා.



යනවා යනවා එතන ගොඩ වෙලාවට අපි ගිහින් නානවා දවල්ට වතුර රත් උනාම යං කට්ටියම.



එහෙනම් හෙට තමා යන්න වෙන්නෙ අද හග්ගල පාක් යන්නයි යන්නෙ. ඔන්න අයියා එන්න ඕනෙ අපිත් එක්ක යන්න.



එහෙනම් හෙට යං නේද දිලා



හේත්තු වෙලා උන්න ගහ ගාවිත් මෑත් වෙන ගමන් වඩාත් ලෙංගතු හඩකින් සුරාජ් අයියා මගෙන් ඇහැව්වා.

෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴෴



උඹට අමාරුයි නේද ??



හග්ගල පාක් එකේ සුන්දරත්වය සම්පූර්ණයෙන් විදගන්නත් කලින් කකුල් වලට දැනෙනෙ වෙහෙස මගෙ මූණෙන් පෙනුන නිසාද කොහෙදො නිමා මගෙ ඇහැව්වා.

හම්ම්..ඒත් ආසයි බං.

එවුනාට අපි මෙතන නතර වෙමු කට්ටියට ගිහින් එනකං.

මං හින්දා උඹ පව් නෙ.

මෙන්න මෙහෙන් ඉදගනින් මං ඕනාතරන් ඇවිත් තියෙනවා.

මැයි මල් ගහක් යට කාපට් එක වගෙ  තණකොල ගොඩෙ නිමා මාව බලෙන්ම වගෙ ඉන්දගත්තා.

ඇයි මේ... දිලාට අමාරුද?

අසංක අයියගෙ අතින් මිදිලා තරූ ඇවිත් අපි ලග ඉදගත්තා.

දිලාට ගොඩක් ඇවිදින්න බෑනෙ .අපි ඉන්නං උඹලා ගිහින් එන්න.

එහෙනං මාත් ඉන්නද?

පිස්සුද බං එතකොට අසංක අයිය තනියමනෙ ?

අම්මේ..ඔව් අසංක අයියා නැත්තන් මාත් එක්කත් තරහා වෙයි කෙල්ලව අපි තියාගත්තා  කියලා.

 තරූව එහෙම කියලා අපි ලගින් යවා ගත්තට පස්සෙ කවදාවත් තනි නොකරපු  මේ යාලුවන් ගැන මට ඇති උනෙ  සියුම් ආඩම්බරයක්.

අපිත් එක්ක වැඩියෙන්ම දගලපු එකී කාටත් කලින් බදිනවා ..පුදුමයි නේ බං.

අසංක අයියගෙ අතේ එල්ලිලා කට්ටියත් එක්ක අපිට පිටුපාගෙන යන තරු දිහා බලාගෙන  නිමා කිව්වා.

එහෙම තමයි බං ආදරේ කරන්න ගත්තම   ජීවිතේ නොහිතන දේවල් වෙනවා.

උත්පලගෙ රිද්දන මතකයට හිත එබෙද්දි මං නිමාට උත්තර දුන්නා.

ඒත් ආදරේ හින්දා උඹ විදවනවා.

කවුද දන්නෙ දැන් විදෙව්වට විදින දවස් තව ඉස්සරහටද කියලා.

අඩන්න හදන හිත වහගන්න එහෙම කිව්වට මං නිමාගෙ බැල්මත් මග ඇරියෙ බලෙන් හිනාවක් මවාගෙනයි.

අනේ .. මේ අපි ඔය කතාව නවත්තමු. මට ඉතින් උඹත් එක්ක මලපනින්නෙ මේ වෙලාවට තමා.

ඇත්තටම දැනුනු තරහක් හින්දද කොහෙදො නිමා ඉදගෙන උන්න තැනින් නැගිට්ටා.

මේ කතාව ඇති බං,, අපි අතන්ට ගිහින් ෆොටෝස් ටිකක් වත් ගමුද ආ..

දුක හංගගෙන හිනා වෙන්න ඕනෙමයි කියලා හිතුන නිසා මාත් නැගිටලා ගිහින් නිමාගෙ කරට අතක් දාගත්තෙ අපි ඉන්න තැනට පොඩ්ඩක් එහෙට වෙන්න ලස්සනට හදලා තිබ්බ රෝස මල් ආච් එකක් පෙන්වමින්.

ම්ම්.. කෝ යං එහෙනම් .ගනින් කැමරාව.

පොඩ්ඩක් වෙලා මගෙ මූණ නිරික්ශනය කරන්න වගෙ බලන් ඉදලා නිමා කැමරාව අතට ගත්තා.



එක එක විදියට ඉදගෙන නිමත් මමත් ෆොටෝ ගත්තෙ හැම දෙයක්ම අමතක උන ගානට.


ආච් එකේ උඩින් තියෙන ලොකු රෝස මලක් කඩාගන්න වගෙ අත දික්කරගෙන නිමා උන්නෙ මං ෆොටෝ එකක් ගන්නකන් .ඒත්.. එකවරම  කැමරා කාචය අතරින් දැක්ක දසුනෙන් මගෙ ඇගම සීතල වෙලා ගියා...  
                                                                         මතුසම්බන්ධයි

10 comments:

  1. ඒ උත්පලද? :O

    ReplyDelete
    Replies
    1. :0 .. ඒක ඊලග කොටසින්ම බලාගමුකො කිරිල්ලි ;)

      Delete
  2. පාරමිතාව පුරන්න ඕං මාත් ආව.
    කියෙව්වෙ නම් නෑ ඕන්න නිවාඩුවෙ කියවන්නම්.

    ReplyDelete
    Replies
    1. සාදරයෙන් පිලිගන්නවා එහෙනම් ඕං
      නිවාඩුවක් ඉක්මනටම ගන්න වෙයි ඈ..කියවන්න

      Delete
  3. මුල ඉදන් බලන්ට ඕන එන්නං හෙට දිහාට

    ReplyDelete
    Replies
    1. ඔන්න හෙටම එන්න ඕනා..
      අපි බලං ඉන්නවා ආයෙත් මේ පැත්තට එනකං

      Delete
  4. ammo adane mama dakke me tika niyamai nishiyo

    ReplyDelete

පාරමිතාවට ගොඩවැදුනට ගොඩක් ස්තූතියි ඔයාලට.යන්න කලින් ඔයාලගෙ වටිනා අදහස් කියලා යන්න..පාරමිතාවෙ ඉදිරි ගමනට ඒක ලොකු අත්වැලක් වේවි..